Press "Enter" to skip to content

කොවිඩ් හැදුණු ගැබිණියට ශල්‍යකර්මය කල වෛද්‍යවරිය

හදිසි ඔපරේෂන් එකක් නිසා හිත හිත ඉන්න කාලයක් නැහැ…”

“ඔපරේෂන් එක ඉවර වෙනකන් ටොයිලට් එකකට වත් යන්න බැහැ.
තියටර් එක ඇතුළේ, නහය පොඩ්ඩක් කැහුවට කහ ගන්නවත් බැහැ…”

මේ වෙනකොටත් කොරෝනා අපේ රටම අත්පත් කරගෙන. විවිධ වෙස්ගෙන අපේ රටට ඇවිත් ඉන්න කොවිඩ් මාරයාව මෙල්ල කරන්න, වෛද්‍යවරු , හෙදියන්, සුළු සේවකයින් දිවා රෑ නොබලා වෙහෙසෙන්නෙ, මේක “රාජකාරියට එහා ගිය දේවකාරියක්” කරගනිමිනුයි.

ඉතින් මේ තියෙන්නෙ වෛද්‍යවරියක් මුහුණු පොතට ලියූ අපූරූ සටහනක්..

ස්ථානය – ද සොයිසා කාන්තා රෝහල
වේලාව – පස්වරු 4.50

doctor, Emergency සිසෙරියන් section එකක් එනවලු. ඒ කෝල් එක එනකොට මම කල්පනා කර කර හිටියේ දවල්ට කන්න යනවද නැද්ද කියලා. උදේටත් කන්න බැරිවුණු නිසා දවල්ට ම කනවා කියලා හිතාගෙන හිටියේ. දැන් මොන කෑමක් ද, කෑම පැත්තකට දාලා කඩිමුඩියේ දුවන්න ලෑස්ති උනා.

doctor ඒ අම්මා corona positive කෙනෙක්ලු, අපේ වෙන මිස් කෙනෙක් කිව්වා. හපොයි !theater එකට යන විනාඩි පහේ ඔලුවට එක එක දේවල් එනවා. PPE (Personal Protective Equipment) අඳින එක පුදුම කරුමයක්. ගිය සතියෙත් theatre එකේදි මිස් කෙනෙක් faint වෙලා වැටිලා තිබුනා. තාම කෝවිඩ් වැක්සින් එකයි විදලාත් තියෙන්නේ. මේ සති අන්තෙ ගෙදරත් යන්න හිතාගෙන හිටියේ. එක්කෝ යන්නේ නැතුව ඉන්නවා, ගෙදර මිනිස්සුන්ට බො වුනොත්.

තියටර් එකට යනකොට එතන ඇවිස්සුණු කූඹි ගුලක් වගේ. එතන doctor ද nurse ද attendant මහත්තුරු ද කියලා වෙනසක් නෑ. හැමෝම පුදුම සහයෝගයෙන් වැඩ කරන්නේ. කට්ටියක් තියටර් එකේ උපකරණ පොලිතීන්වලින් ආවරණය කරනවා. තව කට්ටියක් ඔපරේෂන් එක කරන්න තියටර් එකට යන අයට PPE ලෑස්ති කරනවා. හදිසි ඔපරේෂන් එකක් නිසා හිත හිත ඉන්න කාලයක් නැහැ. මොකද අම්මගෙයි දරුවාගේ යි ජීවිතේ දෙකක් බේරගන්න වගකීම තියෙන්නෙ අපේ අතේ. ඒ වගේම අපිත් ආරක්ෂා වෙන්න ඕනි.

doctor ඉක්මන්ටම මේ PPE එක ඇඳගන්න. මිස් කෙනෙක් මට ඇඳුමක් දුන්නා. ඇඳුමක් කියනවට වඩා ඒක ඇඳුම් කට්ටලයක් කිව්වොත් නිවැරදියි. හම්මේ කෑලි බෑලි කීයක් ද. ඔලුවේ ඉඳන් කකුල් දෙක දක්වා ආවරණය වෙන අත් දිග ගවුම් එකයි, ඊට උඩින් ඔලුවට දාන්න තව ආවරණයයි, කකුල් ආවරණය වෙන පොලිතීන් bag, බූට් සපත්තු දාන්න කලින් කකුල් දෙක ආවරණය වෙන මේස් වගේ ඒවා, දණිස් දෙක දක්වා උසට තියෙන බූට් සපත්තු, බූට් සපත්තු එළියෙන් ආයි ඔතා ගන්න පොලිතින් බෑග් දෙකයි, ඔලුව වැහෙන්න surgical cap එකයි, N95 mask එකයි surgical mask එකයි, face shield එකයි, මේ ඔක්කොටම උඩින් පොලිතින් ඒප්‍රන් එකයි, gloves set දෙකයි. ඉවරයි කියලා හිතුවාට තව ඉවර නැහැ. Theatre එක ඇතුලට ගිහින් මේ ඔක්කොම උඩින් තව coverall කියන ගවුමක් ඇදලා gloves දාන්නත් ඕනේ. ආ අමතක වුනා කියන්න, ඔපරේෂන් එක කරනකොට face shield එකට හුස්ම වැදිලා ඒ ජල වාෂ්පය නිසා පේන්නෙ නැති වෙලා යන නිසා mask එකට උඩින් ප්ලාස්ටරයක් අලවගෙන සීල් කර ගන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම ඇන්දට පස්සෙ ආයෙ වතුර ටිකක් වත් බොන්න බැහැ. ඔපරේෂන් එක ඉවර වෙනකන් ටොයිලට් එකකට වත් යන්න බැහැ. කොටින්ම කියනවා නම් තියටර් එක ඇතුලට ගිහින් නහය පොඩ්ඩක් කැහුවට කහ ගන්නවත් බැහැ.

ඉතින් මේ වගේ එක ඔපරේෂන් එකකට සෞඛ්‍ය සේවකයන් 50 කගේ විතර ශ්‍රම දායකත්වයක් යනවා.
කොරෝනා හදා ගන්න එක හරිම ලේසියි උනත් එතනින් එහාට සිද්ධ වෙන දේවල් හරිම අමාරුයි.. දැන් තියෙන තත්වය අනුව ඕගොල්ලන්ට කොරෝන හැදුනොත්.. මොන corona center එකට යන්න වෙයිද මොන hospital ඒකක ඉඩ තියෙයිද කියලා කියන්න බැහැ. ඒ වගේම මේ විදියට එක ලෙඩෙකුට සෞඛ්‍ය සේවකයෝ 50ක් විතර මහන්සි වෙන නිසා one to one care එකක් දෙන්න හරිම අමාරුයි.

කොරෝනා වෛරසය අධික සීඝ්‍රයෙන් බෝවෙන වෛරසයක් උනාට ඒක හරිම දුර්වල වෛරසයක් නිකං සබන් දාලා අත හේදුවත් සම්පූර්ණයෙන්ම එක විනාශ වෙනවා ඉතිං ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ෞඛ්‍ය උපදෙස් හරියාකාරව පිළිපදිමින් මීටර් එක දුර පරතරය තබා ගනිමින් නිතර අත හෝදමින් සිටියොත් ඕගොල්ලන්ට මේක බෝවෙන එකෙන් වැලකිලා ඉන්න පුළුවන් වෙනවා.

මේ ශල්‍යකර්මය කරන අතරේ එක nurse කෙනෙක් කලන්තේ හැදිලා ඇදගෙන වැටුනා. ශල්‍යාගාරයේ කොච්චර A/C තිබුනත් මේ ඇඳුම ඇඳගෙන ඉන්න කොට පොරවක් ඇතුළෙ ඉන්නවා වගේ හොඳටම දාඩිය ගලනවා. එක ඉරියව්වකින් ඉන්න ගොඩක් අමාරුයි.

කාලයක් මේ විදියට ගෙවල්වලට කොටුවෙලා ඉන්න එක ගොඩක් අමාරුයි තමයි. නමුත් තව ටිකක් ඉවසගෙන ඉන්න වෙනවා. ඕගොල්ලන්ට ඔහොම ගෙදර ඉන්න එක අමාරු නම් මේ විදියට ඇඳුම් ඇඳන් එක දිගට වැඩ කරන අපිට කොහොම අමාරුද.

සමහර වෙලාවට එපා වෙනවා. ඉතින් මේ ශල්‍යකර්මය කරලා ඉවරවෙලා ඒ බබාව එහෙමම අරගෙන අම්මගෙ පපුව උඩින් තිබ්බා. අපි එවෙලෙම කිරි දෙන්න.ඒක දැක්කට පස්සේ අපි හැමෝගෙම තිබ්බ අමාරු සියල්ලම එකසැනින් නැතිවෙලා ගියා. ඒක තමයි අපිට වෛද්‍යවරුන් විදියට දැනෙන ආත්ම තෘප්තිය. ඒක තමයි අපිට එක දිගට වැඩ කරන්න ලැබෙන energy එක will power ඒක.

අපි අමාරුවෙන් උනත් තව ටිකක් ඉවසගෙන ඉමූ. මෙච්චර ගණනක් දවසකට මැරුණා මෙච්චර ගානක් ආසාදිතයෝ හම්බුනා කියලා ප්‍රවෘත්තිවලට කිව්වට තමන්ට ඒක එච්චර දැනෙන් නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක ඒ විදියට හිතෙන නැත්තං ඔය මැරිච්ච මනුස්සයෙක් කාගේ හරි අම්මෙක්, තාත්තෙක් කාගේ හරි ස්වාමිපුරුෂයෙක් කාගේ හරි භාර්යාවක් කියල හිතන්න එතකොට ටිකක් විතර දැනෙයි.

එහෙමත් හිතෙන්නේ නැතුව එලියට පැනලා දුවන්න ම හිතෙනවනම්.

ඒ තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ දුව පුතා තමන්ගේ ස්වාමිපුරුෂයා, තමන්ගේ භාර්යාව තමන් කොරෝනා බෝ කරගෙන ආපු නිසා නැති උනොත් කොහොමද කියන හිතන්න.

ජීවිතය කාලෙම ඔබට පසුතැවෙන්න වේවි.
ඒක නිසා තව පොඩ්ඩක් ඉවසමූ.

ඊලඟට මම ලියන්න හිතුවා මේ කාලේ තමන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගන්නේ කොහොමද කියලා. මෙහෙම ලියන එක වැදගත් කියලා හිතනවා නං චූටි වෙලාවක් අරන් කමෙන්ට් එකක් දාන්න බොහොම ස්තූතියි.

මේ ෆොටෝ එකේ ඉන්නේ අමාරුවෙන් PPE ඇඳන් ඉන්න මම

වෛද්‍ය සම්මානි.

More from GossipMore posts in Gossip »