ජීවිතය ගැන කලකිරී සිරුරු දෙකකට ගි#නි තබාගත් යාපනයේ නිවුන් සොහොයුරියන් දෙදෙනකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
යාපනයේ චුන්නාකම් පුන්නලායීකඩ්ඩුවාන් ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියන් දෙදෙනකු මෙසේ අවසානාවන්ත ලෙස මියගොස් තිබේ.
ඔවුන්ගේ නිවසේ කවරෙකු හෝ නොමැති අවස්ථාවක මේ තරුණියන් දෙදෙනා ඔවුන්ගේ සිරුරුවලට ගි#නි තබා ගෙන ඇත. ගින්නට ඔවුන්ව හසුවීමෙන් පසුව දැනුනු වේදනාව මත ඔවුන් කෑ ගසද්දී අවට පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනාව යාපනයේ තෙලිප්පලෙයි රෝහලට රැගෙන ගොස් තිබේ.
ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔවුන්ව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇති අතර එහිදී පොලිසිය විසින් ලබා ගන්නා ලද තරුණියන් දෙදෙනාගේ ප්‍රකාශවල සඳහන් කොට ඇත්තේ ජීවිතය ගැන කලකිරී ඔවුන් සිරුරුවලට ගි#නි තබා ගත් බවයි. යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී ඔවුන් දෙදෙනා මියගොස් තිබේ. මනීපායී පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
Source divaina





