Press "Enter" to skip to content

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමට උත්සාහ කළ ගුරුවරයා අත්අඩංගුවට

මීගලැව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙක් බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කළ බවට සැකපිට තඹුත්තේගම පොලීසියේ අපරාධ අංශය මගින් අත්ඩංගුවට ගනු ලැබීය.

අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරිය, සිය සොහොයුරා සමග පාපැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ ගුරුවරයා එම දැරිය රවටා සිය මෝටර් රථයට නංවාගෙන අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දරා ඇති බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිලි කර තිබුණි.

තඹුත්තේගම පොලීසියේ අපරාධ අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »