Press "Enter" to skip to content

ඩෙල්ටා තවත් රෝගීයෙක් වැල්ලම්පිටියෙන් හමුවෙයි

ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මොහු බොරැල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන පිරිමි පුද්ගලයකු බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මේ පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිතයාගේ ළඟම ආශ්‍රිතයෝ 20 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබ සිටිති .

වැල්ලම්පිටිය කොටුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් ජෛව පටල සාම්පල ලබා ගැනීම සිදු කෙරිණ .

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයයෝ දස දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ .

More from GossipMore posts in Gossip »