Press "Enter" to skip to content

රියදුරු සහ කොන්දොස්තර කල නරුම වැඩේ තරුණිය හෙළි කරයි – Video

“ඇගේ හැමතැනම ඇල්ලුවා,
බේරෙන්න ට්‍රයි කළාට බැරිවුණා…”

බස්රථයක ගමන්ගත් තරුණියක එම බස් රථයේම රියදුරු සහ කොන්දොස්තර විසින් ලිංගික අතවරයකට ලක්කිරීමේ පුවතක් හොරොව්පාතාන ප්‍රදේශයෙන් වාර්තාවනවා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

හොරව්පාතන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මෙම තරුණිය මෙවර අපොස සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිථල අපේක්ෂාවෙන් පසුවන අයෙක්.

පවුලේ අගහිගකම් හෙතුවෙන් ඇය හොරව්පතාන ප්‍රදේශයෙ පිහිටි පෞද්ගලික වෙළඳසැලක සේවය කර තිබුණා

පසුගිය 28 වැනිදා ඇය සේවයට ගොස් රාජකාරි කටයුතු අවසන් වීමෙන් පසු බස් රථයකට ගොඩවී තිබුණේ යළි නිවසට පැමිණිම සඳහායි.

එහෙත් එම බස් රථය නියමිත ගමනාන්තයට නොයන බවත් බස් රථයේ සිටින පිරිසට වෙනත් බස් රථයකට ගොඩවන ලෙසත් බස් රථයේ කොන්දොස්තරවරයා දැනුම් දි තිබෙනවා.

නමුත් තරුණියට බස් රථයේ රැදි සිටින ලෙසට දැනුම් දුන් කොන්දොස්තරවරයා පවසා ඇත්තේ තරුණියව නිවස අසලින්ම බැස්සවිය හැකි බවයි.

මීට පෙරද ඇය මෙම බස් රථයේ ගොස් ඇති බැවින් ඇයට මේ මේ පිළිබඳව සැකයක් මතුව නැහැ.

ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ ඇය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 16ක දැරියකට තියුණු ආයුධයකින් පරදී බරපතල තුවාල සිදුකල පුවතක් වර්තා වනවා.

එලෙස පහර දි ඇත්තේ 26 හැවිරිදි ඇගේ පෙම්වතා වන අතර ඔහු මාතලේ – මහවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි පොලිසිය සඳහන් කලේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් දෙකක් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මව සහ පියා අහිමි මෙම දැරිය ජීවත්ව තිබුණේ සිය මිත්තණිය සමග වන අතර ඇය මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

More from GossipMore posts in Gossip »