Press "Enter" to skip to content

සංචරණ සීමා නොතකා අන්තර් පළාත් අතර ධාවනය කල බස්රථ 3ක කොවිඩ් රෝගීන්

පළාත් සංචරණ සීමා නොතකා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චෙංකලඩි – බදුල්ල මාර්ගයේ යුද හමුදා බාධකයක දී එම බස් රථ’ යුද හමුදා නිලධාරීන් හා පොලීස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.

එහිදී පළාත් අතර සංචරණය සිදුකිරීමට අදාළ කිසිදු බලපත්‍රයක් තිබී නොමැති අතර බස්රථවල ගමන් ගත් මගීන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ ඔවුන් තිදෙනෙක් ආසාදිත බව තහවුරු වී තිබේ.

කොරෝනා ආසාදිත පිරිස කරදියනාරු රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු පිරිස නිවෙස් බලා පිටත් කර ඇත.

බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »