බාලවයස්කාර දැරියක පොලිස් ස්ථානයේදී සිප ගැනීමේ චෝදනා මත නෙළුව පොලිසියේ කොස්තාපල්වරයකු ඊයේ (30 දා) අත්අඩංගුවට ගෙන ඇත.
නෙළුව ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි මෙම බාලවයස්කාර දැරිය සිය පෙම්වතා අතින් දූෂණයට ලක්වීම සම්බන්ධව පැමිණිල්ලක් කිරීම සඳහා මව සමඟ ඉකුත් 29 වැනිදා නෙළුව පොලිසියට පැමිණ තිබේ.
එහිදී විමර්ශනය සඳහා දියණියටත් තමාටත් පොලිසියේ රැුඳී සිටින ලෙස පොලිස් නිලධාරීන් කළ දැනුවත් කිරීම අනුව 29 වැනිදා රාත්රිය වනතුරු පොලිසියේ රැඳී සිටි බවය දියණියගේ මව පවසයි. ඒ අනුව තමුනට 30 වැනිදා උදෑසන වන තුරු පොලිසියේ සිටින්නට වූ බවත්, පැවසූ දියණියගේ මව රැය පහන්වන තුරු පොලිසියේ රැඳී සිටි කාමරය වෙත 30 වැනිදා උදෑසන පැමිණි පොලිස් නිලධාරියකු තම දියණිය සිපගත් බව සඳහන් කළාය.
කාන්තා පොලිස් නිලධාරිනියක හෝ නොමැතිව නෙළුව පොලිසියේ නිලධාරීන් තමාවත් දියණියවත් රඳවා ගත් බව ද දියණියගේ මව පැවසුවාය. මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා චෝදනාවට ලක්ව ඇති නෙළුව පොලිසියේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.






