Press "Enter" to skip to content

වාද්දූවේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා 26කට කොරෝනා

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ හිමිවරු 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

පසුගිය ජූනි 28 වන දා විහාරස්ථානයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හිමිවරු පස්දෙනෙකුට හා ගිහි පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු විය.

පසුව එම විහාරස්ථානයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ 83ක දී ස්වාමීන් වහන්සේලා 21නමකට සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි තවුරුවී ඇත.

එම ආසාදිත හිමිවරු අතර විහාරාධිපති හිමියන්, පැවිදි වීමට සිටි කුඩා දරුවෙක්, විහාරස්ථානයේ සිටි ගිහි පුද්ගලයෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් ද වන බව වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහි පුද්ගලයින් ඊයේ (29) රාත්‍රියේ ම ශ්‍රී ලංකා යුද හමුදා බස්රථයකින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බව වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

More from GossipMore posts in Gossip »