Press "Enter" to skip to content

අවුරුදු 15ක දැරියක් නරුමයන්ට විකුණූ ‘ඇගේම මව’ ඇතුළු 18 දෙනෙක් අත්අඩංගුවට

අවුරැදු 15ක් වයසැති දැරියක් කාමාතුරයන්ගේ ආශාවන් පිරිමසා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇගේ මව ඇතුළු 18 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර චීවරධාරියකු ද සිටින බව පොලිස් මහත ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සමාජ මාධ්‍යජාලා සහ විවිධ වෙබ් පිටු පස්සේ මාස තුනක් තිස්සේ මෙම දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබුණේ රු.10,000 – රු.30,000ත් අතර මුදලකටයි.

ඇයව විකිණීම සඳහා අන්තර්ජාල දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.

පසුව දැරිය ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලට අනුව ඇයව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ සොයා මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

More from GossipMore posts in Gossip »