Press "Enter" to skip to content

අත් පා ගැටගසා කැලණි ගඟේ පාවෙමින් තිබූ පුද්ගල සිරුරක් හමුවේ

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී අත්පා ගැටගසන ලද පුද්ගල සිරුරක් හමුවී තිබේ.

අද (26) දහවල් එම සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 50ක් පමණ වයසැති පුද්ගලයෙකු බවට සැක කෙරේ.

ඔවුගේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබෙන බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

ඉකුත් 23 වනදා පුද්ගලයෙකුව පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර එහි වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ යකඩ දම්වැලකින් අත් ගැටගසා අගුල් දමා ඔහුව යම් කණ්ඩායමක් විසින් රැගෙන ගොස් තිබූ බවය.

ඒ හංවැල්ල ප්‍රදේශයේ ඔහු රැඳී සිටි තාවකාලික නවාතැන් ස්ථානයේදීය.

මෙම පුද්ගලයා ඔහු විය හැකි බවට පොලීසිය සැක කරයි.

More from GossipMore posts in Gossip »