මුළු දිවයිනට ම පූර්ණ සංචරණ සීමා පැනවීමක් ඉදිරියේදී සිදු නොකිරීමට දැනට තීරණය කළ බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.
කෙසේ නමුත්, පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූනි 25) පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී මෙම තීරණයන්ට එළැඹ ඇත.
එසේ ම තවදුරටත් සාද, උත්සව වැනි ජනතාව ඒකරාශී වන කිසිදු කටයුත්තක් සඳහා අවසර හිමි නොවන බව ද යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ ය.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද සීමිත සේවක පිරිසක් කැඳවා කළ යුතු බවත් මෙම සියලු කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලබාදී ඇති උපදෙස්වලට අනුව කළ යුතු බව ද හෙතෙම පැවසීය.
දිනකට කොවිඩ් රෝගීන් බහුතර සංඛ්‍යාවක් තවමත් වාර්තා වන හෙයින් පෙර පරිදි ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස්වලට වී සිටිමින් කටයුතු කළ යුතු බවද යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.






