Press "Enter" to skip to content

තවත් කොවිඩ් මරණ 65ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 65 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.

මෙය එක් දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,769 ක් දක්වා ඉහළ ගොස් ඇත. පිරිමි අය 40 දෙනෙක් සහ කාන්තාවන් 25 දෙනෙක් මියගිය අය අතර වෙති.

මියගිය අයගෙන් 53 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනකු සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඊයේ මියගොස් ඇත.

More from GossipMore posts in Gossip »