Press "Enter" to skip to content

බොහෝ දෙනාගේ විවේචනයට ලක්වන සමලිංගිකත්වය

අපේ භාෂාවෙන් කිවහොත් ගැහැණු ගැහැණුන්ට ආදරය කිරීම හා පිරිමි පිරිමින්ට ආදරය කිරීමයි සමලිංගිකත්වය නම් වේ.
මෙය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුණු කාරණාවකි. අප ලංකාවේ සමලිංගිකත්වය සංස්කෘතියට පටහැනි කාරණාවක් ලෙස හැදින්වීමට හැකිය. එසේ වූවත් ලොව පුරාම රහසේ පෙමින් බැඳුණු “සමලිංගිකයන්” පිළිබඳව නිතර කතාබහට ලක්වන බව ඔබ ද මා ද හොදින් දන්නා කරුණකි. විශේෂයෙන්ම පසුගිය දිනවල සමාජ මාධ්‍යන්හි මෙවැනි වීඩියෝ රැසක්ම දැකගත හැකිවිය.

පසුගිය දිනවල ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු ඉන්දියානු යෝගා තරුණියගේ අපූරු චායාරූප පෙළකට ලෝකයේම අවධානය යොමු වී තිබුණි.


  ඇය නමින් gera.ruth වූවාය. (ඉන්ස්ටග්‍රෑම් නාමය) මේ කතාව ඇයගේ කතාවයි.

"මට අවුරුදු 32ක් වෙද්දී මම මගේ දෙමව්පියන්ට භයානක දෙයක් කියන්න හිටියා. අම්මේ, තාත්තේ, මම කෙනෙක්ට කැමතියි. ඒත් එයා කාන්තාවක්. මම එයාට ආකර්ෂණය වෙලා ඉන්නේ. ඒ වෙලාවේ මගේ තාත්තා පිළිතුරු දුන්නා ඔයා සතුටින් නම් මගේ විරුද්ධත්වයක් නෑ කියලා. ඒක දෙමව්පියන්ගේ ආදරය මට තදින්ම දැනුණු සුන්දරම මොහොතක්. මම මගේ සමීපයේ හිටපු හැමෝගෙන්ම මම කවුද කියලා හංගගෙන ජීවත් වුණු කෙනෙක්. මම අද තාත්තා කළ දේම කරනවා. මම හිතන්නේ ලස්සන කාන්තාවකට කොහොමද ආදරය කරන්නේ කියලා මම තාත්තාගෙන්ම ඉගෙන ගත්තා..."

මෙය මෙසේ වීම නිවැරදි ද..? තීරණය ඔබ සතුය. කෙසේ වූවත් මෙය හැඟීම් සහ බුද්ධිය මත තීරණය වන කරුණකි.

More from GossipMore posts in Gossip »