Press "Enter" to skip to content

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කරලා

රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (16) හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකුට සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

මේ පිලිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

More from GossipMore posts in Gossip »