Press "Enter" to skip to content

හදාගන්න ගත් දරුවාව කාලයක් තිස්සේ අපයෝජනය කල නරුමයා අත්අඩංගුවට

16 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ 50 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවාගේ පියාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි වාර්ථා වන්නේ.

16 හැවිරිදි අදාළ සිසුවා තම පියා සහ සහෝදර සහෝදරියන් සමග පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ ජීවත්ව තිබෙනවා. මීට වසර 5කට පෙර අධ්‍යාපනය ලබාදී දරුකමට හදා ගන්නා බව පවසමින් තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු දරුවා රැගෙන ගොස් තිබුණා.

අදාළ පුද්ගලයා තවත් දරුවෙකු සොයා දෙන ලෙස දරුවාගේ පියාගෙන් ඉල්ලීමක් කර ඇති අතර දරුවා පියාට ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුද්ගලයා විසින් තමන්ට විවිධ ලිංගික හිංසනයක් සිදුකරන බවයි. කෙසේ වෙතත් දරුවාගේ පියා එය විශ්වාස කර නැහැ.

පසුව දරුවා තමන්ට සිදුවන ලිංගික හිංසන ජංගම දුරකථනයකින් රහසිගතව පටිගත කර තම මිතුරකුට යොමුකර තිබුණේ තමන් මෙම හිංසනයෙන් ගලවා ගන්නා ලෙසට ඉල්ලමින්. ඒ අනුව මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිලි කර බවයි දරුවාගේ පියා ප්‍රකාශ කළේ.

More from GossipMore posts in Gossip »