Press "Enter" to skip to content

අද සිට කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

අද (ජූනි 14) සිට කොවිඩ් මරණ වාර්තා කිරීමේදී ගතවුණු පැය 48 හෝ 24 තුළ සිදුවන සියලු ම මරණ ඒ දිනයේ දී ම වාර්තා කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, මීට ප්‍රථම දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ ලෙසය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ, සියලු ම සමස්ත රෝගීන් පසුගිය දිනවල. අපි අද දින සිට මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන, ඒ දිනයේදී දිනයක් ඇතුළත සිදුව වන මරණ සියල්ල ම වාර්තා කරන්න දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එතකොට අපිට පැය 24ක් පැය 48ක් ඇතුළත සිදුවෙන සියලු ම මරණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා.”

More from GossipMore posts in Gossip »