Press "Enter" to skip to content

බීමතින් නිවසට පැමිණි පියා දස හැවිරිදි දරුවා කඹයකින් බැඳ ළිඳට දමලා

  • බීමත් පියා අත්අඩංගුවට

දස හැවිරිදි ළමයෙකු කඹයකින් බැඳ ළිඳකට දැමූ යාපනය නාවක්කුලි ප‍්‍රදේශයේ පියෙකු 12 දා චාවාකච්චේරි පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.

බීමතින් නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා බිරිඳට හා දරුවන් දෙදෙනාට පහරදී වැඩිමහල් ළමයා කඹයක ගැට ගසා ඔහුගේ හිස පහළට සිටින සේ ළිඳට දමා තිබේ. සිද්ධිය දැක බිරිඳ කෑගැසීම නිසා අවට සිටි යුද හමුදා නිලධාරීන් හා මහජනයා විශාල පිරිසක් පැමිණ එම දරුවා ළිඳෙන් ගොඩගෙන ඇති අතර පොලිසිය අදාළ සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ

. සැකකරු විසින් ළිඳට දැමීමට මුලින්ම උත්සහ කොට ඇත්තේ වයස අවුරුදු 06ක් වූ බාල දරුවා වන අතර එම දරුවාව ඔසවාගෙන මව නිවසින් පැන යෑමෙන් පසුව වැඩිමහල් ළමයා අල්ලා කඹයේ ගැට ගසා ළිඳට දමා තිබේ. පහර කෑමට ලක් වූ මව හා බාල දරුවාද ළිඳට දැමූ දරුවාද තුවාල ලබා සිටි බැවින් ඔවුන් තිදෙනා චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබේ.

More from GossipMore posts in Gossip »