Press "Enter" to skip to content

පිළියන්දල එකම පවුලේ 5කට කොවිඩ් – එක් ආසාදිතයෙක් ආගිය අතක් නෑ

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ නිරෝධයන වෙමින් සිටි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති අතර, ඒ බව දැනුම්දීමට සෞඛ්‍ය අංශ ඔහුගේ නිවසට ගිය ඔහු එහි නොමැති බව අනාවරණය වී තිබේ.

පසුව එහි නිවැසියන් පවසා ඇත්තේ, එම පුද්ගලයා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය බවය.

නමුත් නිවැසියන් දුන් දුරකථන අංකයකට නිලධාරීන් ඇමතුම් ලබාදුන් විට ඉන් පිළිතුරු දුන් පුද්ගලයා පවසා ඇත්තේ එම පුද්ගලයා එහි නොපැමිණි බවය.

පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේ නිවසක පසුගිය දා සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර පසුව ඇය පදිංචිව සිටි නිවසේ සියලුදෙනා නිරෝධායනය කර සිට ඔවුන්ගේ ද පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

එම ප්‍රතිඵල අනුව නිවසේ සිටි 5දෙනාට ම කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව නිවසේ සිටි පිරිස ට ඒ බව දැන්වීමට සෞඛ්‍ය අංශ පැමිණි මොහොතේ නිවසේ සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් එලෙස නිවෙසින් බැහැරව ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

More from GossipMore posts in Gossip »