පානදුර කළුදෑවල ප්‍රදේශයේ සූදුපිටියක් වටලා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පස්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සුදුපිටිය “කළුඅක්කා“ නැමැත්තිය විසින් මෙහෙයවා ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ අයවලුන් කළුදෑවල දියේස් ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත සුදුපිටිය වටලන විට එහි සිටි පිරිස දිවගොස් ඇති අතර, දැඩි පරිශ්‍රමයක් යොදා පොලීසිය සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සුදු ගැසීම සඳහා භාවිතා කරන ලද කාඩ් කුට්ටමක්, පිටියේ තිබූ රුපියල් 4,390 ක් සහ ජංගම දුරකථන තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රදේශයේ කොරෝනා පාලනයට ඔවුන් දැඩි බාධාවක් වන බැවින්, සැකකරුවන් සියලුදෙනා ස්වයං නිරෝධායනය ට ලක්කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව ද පොලීසිය පැවසීය.
පානදුර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






