Press "Enter" to skip to content

සිසුන් සිව් දෙනකු අපයෝජනය කල රක්වානේ විදුහල්පති අත්අඩංගුවට

රක්වානේ පාසලක විදුහල්පතිවරයෙකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට සැකපිට අද (08) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලීසිය කියයි.

සැකකරු හතලිස් තුන් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. අපයෝජනයට ලක් වූ පැවසෙන පාසලේ පිරිමි දරුවන් වයස අවුරුදු එකොළහ සිට දහතුන දක්වා වයසේ පසුවන බව පොලීසිය පැවසීය.

දරුවන් ගේ හැසිරීම්වල පැවති වෙනස්කම් හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව තොරතුරු සොයා බැලිමෙන් පසු මෙම සිදුවීම් පිළිබදව අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව පෙලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව අදාල සැකකාර විදුහල්පතිවරයා රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.දරුවන් සිව්දෙනා කහවත්ත මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණය ට යොමු කර තිබුණි.

සැකකරු අද (08) සවස අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රක්වාන පොලිසිය කියයි.

More from GossipMore posts in Gossip »