ATM කාඩ් පතක් සොරකම් කර මුදල් ලබා ගැනීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලිසිය මහජන සහය පතයි.
මේ වන විට මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු හඳුනා ගැනීම සඳහා යම් තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට, 0718591645 යන දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම සැකකරුගේ CCTV ඡායාරූපයක් පහතින් දැක්වේ.







