දැනට බල පැවැත්වෙන නිරෝධායන සහ සංචාරණ නීතිරීති උල්ලංඝනය කරමින් ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු සහ එම ආයතනයේ සේවය කළ සේවිකාවන් සිව්දෙනෙක් ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ නිරෝධායන නීති රීති අනුව සම්බාහන ආයතන,රාත්‍රී සමාජශාලා, වෙරළ සාද,ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීම නීති විරෝධී බවයි.






