දැඩි සංචරන සීමා පනවා තිබිණි උපන්දින සාදයක් පැවැත් වූ පුද්ගලයන් පස් දෙනකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
යාපනය අරසඩි ප්‍රදේශයේ දී මෙම සාදය පවත්වා ඇති අතර පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ පවුල් වල සියලු දෙනා නිරෝධායනයට ද යොමු කර තිබේ.






