Press "Enter" to skip to content

7 වන දායින් පසු සංචරණ සීමා ගැන යුද්ධ හමුදාපති කළ ප්‍රකාශය

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00ට ඉවත් කිරීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, මේ වන විට පනවා ඇති සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

කොවිඩ්-19 ජනාධිපති කාර්ය සාධක බලකාය සහ වෛද්‍ය විශේෂඥයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව යුද්ධ හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ රට පුරා ඇති වසංගත තත්ත්වය සලකා බැලීමෙන් පසු, දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කුමන හෝ තීරණයකට එළඹිය හැකි බව යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

More from GossipMore posts in Gossip »