Press "Enter" to skip to content

අඟහරු මතට යන්න හදන, අවුරුදු 20ක් වයස කෙල්ලෙක් ගැන අදහන්න බැරි කතාව මෙන්න

“ඒක පොඩි කාලේ ඉඳලා තිබ්බ උනන්දුවක්..
මගේ තාත්තාට මතකයි…”

ඇගේ නම Alyssa Carson.. ඔබ සහ මම වගේම සාමාන්‍ය මිනිස් සත්ත්වයෙක්.. හැබැයි එක අතකින් ඇයව දැන් ලෝකයම හඳුන්වන්නේ “අවුරුදු 20ක් වයස ධෛර්යවන්ත කෙල්ලක්” හැටියට..

වයස අවුරුදු 16 වෙනකොට තමයි ඇය උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගන්නේ. (ඇය තමයි ලාබාලතම කෙනා එතකොට.)

දැන් ඇය ගැන එන අලුත්ම ආරංචිය තමයි ඇය 2033 වර්ෂයේදී අඟහරු මත ඇවිද යන්න සුදානම් වෙනවා කියන කතාව.

(සමහර අය කියන විදිහට ඒක යළි නොඑන ගමනක් වෙන්නත් පුළුවන්.)

මේ වනවිටත් මේ ගමන “ස්ථිර වශයෙන්ම” සිදුවන බව සඳහන් කරලා තියෙනවා.

“මම මුලින්ම අභ්‍යවකාශය ගැන උනන්දු වුනේ මම කුඩා අවධියේමයි. මගේ තාත්තාට මතකයි මම ඒවාට උනන්දු වුනු හැටි..”

අභ්‍යවකාශ විද්‍යාව හැදැරීම ලේසි පහසු කටයුත්තක් නොවන අතර, වාසනාවන්ත වූ මේ තරුණිය අඟහරු මත යන ගමන ගැන දැන් හැමෝම අවධානයෙනුයි පසුවන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරිනි.

Alyssa Carson - Wikipedia
Could Baton Rouge teen Alyssa Carson end up on the first human mission to  Mars? | News | theadvocate.com
Could Baton Rouge teen Alyssa Carson end up on the first human mission to  Mars? | News | theadvocate.com
More from GossipMore posts in Gossip »