Press "Enter" to skip to content

(title)

ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.

ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතා සහ ථේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන් ගේ සහභාගිත්වයෙන් මෙම වෙසක් උත්සවය පසුගිය වෙසක් දින (26) ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.

වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ පහන් දැල්වීම සිදු කළහ.

ඩග්ලස් එම්හෝෆ් මහතා විසින්, ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ප්‍රකාශයට පත්කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ, ප්‍රධාන බෞද්ධ උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාවට සිහිපත් කර සිටියේය.

ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බව උත්සවයේ දී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කර සිටියේය.

More from GossipMore posts in Gossip »