Press "Enter" to skip to content

චීනයේ මනමාලියන් සොයා ගැනීමට නොහැකි පිරිමින් මිලියන 30ක්

දශකයකට වරක් චීනයේ කරන ලද සංගණනයකින් පෙනී යන්නේ රට තුළ අවිවාහක පිරිමින් මිලියන 30 ක් පමණ සිටින බවයි. එය සමහර රටවල සමස්ත ජනගහනයට වඩා වැඩිය.

චීනය පිරිමි ළදරුවන් සඳහා දීර්-කාලීන මනාපයක් පවත්වා ගෙන යන අතර නවතම සංගණනයෙන් පසු උපත ලබන ගැහැනු ළමයින්ගේ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළද,චීනය දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය එක් පවුලකට එක් දරැවෙක් යන සංකල්පයත් එහිදී ජනතාව පිරිම් දරු උපත් සදහා ප්‍රමුඛත්වයදීමත් මෙයට අදාළ මූලික හේතු බව එරට වාර්තා සදහන් කරයි.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (එන්බීඑස්) විසින් චීනයේ හත්වන ජාතික ජනගහන සංගණනයට අනුව, පසුගිය වසරේ උපත ලැබූ ළදරුවන් මිලියන 12 න් සෑම ගැහැණු ළමයින් 100 කටම පිරිමි ළමුන් 111.3 ක් සිටියහ. 2010 දී අනුපාතය 118.1 සිට 100 දක්වා විය.

මේ හේතුවෙන් උපත ලැබූ ළදරුවන් විවාහ විය හැකි වයසට එළඹෙන විට මනාලියන්ගේ විශාල හිඟයක් ඇතිවේ. “පසුගිය වසරේ උපත ලැබූ මෙම ළදරුවන් මිලියන 12 න් පිරිමි ළමුන් 600,000 කට ඔවුන් වැඩෙන විට ඔවුන්ගේ වයසේම විවාහ සහකරුවෙකු සොයා ගැනීමට නොහැකි වනු ඇත.

1979 දී ක්‍රියාත්මක කරන ලද සහ 2016 දී ඉවත් කරන ලද චීනයේ එක් දරු ප්‍රතිපත්තිය පිරිමි ළමයින්ට පක්ෂව ගබ්සා කිරීමේ ක්‍රියාවලිය උග්‍ර කර ඇති බව ජන විකාශන මහාචාර්ය ජියැං ක්වාන්බාවෝ පවසා තිබෙනවා.

මේ අතර, චීනයේ සශ්‍රීකත්ව අනුපාතය කාන්තාවකට ළමුන් 1.3 ක් වන අතර එය ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ට වඩා බෙහෙවින් අඩු බවයි වර්තා වන්නේ.

More from GossipMore posts in Gossip »