Press "Enter" to skip to content

මාස්ක් නැතිව ගමන් කළ 21 දෙනකුගෙන් 6කට කොරෝනා

වවුනියාව නගරයේ මුව ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී පුද්ගලයන් 6 දෙනකුට කොරෝනා රෝගය ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 21 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව මෙම ප්‍රතිපලය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

මේ අනුව වවුනියාව නගරයේ සැරිසරන පුද්ගලයන්ගෙන් විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් නිසා සෙසු ජනතාව වඩාත් පරෙස්සම් වන ලෙස වවුනියාවේ සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

More from GossipMore posts in Gossip »