Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතයින් සෙවීමට සුනඛයන් පුහුණු කරයි

යමෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතිදැයි පුහුණු සුනඛයෙකුට ඉවෙන් හඳුනාගත හැකි බවත්, ඒ අනුව කොවිඩ්-19 සටනේදී සුනඛයන්වද ආසාදිතයන් හඳුනා ගැනීමට යොදාගත හැකි බවත් බ්‍රිතාන්‍යයේ කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලය සහ ඩර්හැම් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාවයෙන් වෛද්‍ය හඳුනාගැනීමේ පුහුණු සුනඛයන් පිරිසක් යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ පළමු අදියර සම්පූර්ණ කළ බව විද්‍යාඥයෝ පවසති.

ඒ අනුව වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත. මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී තිබේ. සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පැවසූහ.

ඒ අනුව මෙම අධ්‍යනයේ මුල් ප්‍රතිඵල පූර්ව මුද්‍රිත අධ්‍යයනයකින් ප්‍රකාශයට පත් කර ඇති නමුත්, මෙය තවදුරටත් සමාලෝචනයක් ලෙසින් හෝ වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර නොමැත.

More from GossipMore posts in Gossip »