Press "Enter" to skip to content

නිවසේ මිය ගිය දෙදෙනකුට කොරෝනා

වතුපිටිවල මූලික රෝහලට අද (26) රැගෙන ආ පිරිමි මළ සිරුරු දෙකක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරීමේදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මින් එක් අයෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැට නව හැවිරිදි අයෙකු බවත් අනෙක් පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හැට දෙහැවිරිදි අයෙකු බවද කියති.

එම දෙදෙනාම නිවාසවල මිය යාමෙන් අනතුරුව මෘත ශරීර රෝහලට රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

More from GossipMore posts in Gossip »