Press "Enter" to skip to content

රටම අනතුරේ හෙලූ නගරාධිපතිගේ කොරෝනා ෆොටෝ ෂූට් එක

fb එකේ රීච් එක ගන්න කරපු මොට්ට වැඩක මහත


දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත ඊයේ (22) නගර සභා බල ප්‍රදේශයේ කොරොනා ආසාධිතයකු බැලීමට ඔහුගේ නිවසට ගොස් ඇත.

පසුගිය දිනක දඹුල්ල නගර සීමාවේ තිත්තවැල්ගොල්ල ගම් ප්‍රදේශයෙන් හමු වු කෙරොනා රොගියෙකු ගේ නිවසට ඔහු මෙසේ ගොස් ඇත්තේ නගර සභාවේ තවත් සේවක පිරිසකුත් සමගයි.

මෙම ගමනේදී නගරාධිපතිවරයා නගර සභා සේවකයින් ලවා ගෙන්වා ගත් මුලු සිරුරම ආවරණය වන පරිදි වූ ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇද සිටි අතර අනෙකුත් සේවකයින් මූණු ආවරණ පමණක් පැලද අතිශයෙන්ම අනාරක්ෂිත ලෙස සිට ඇත.

නගරාධිපති ආරකෂිත ඇදුම් කට්ටලයෙන් සැරසී

එහිදී ඔහු සිය මූනු පොතේ දැමීමට ‍තමා මෙම ඇදුම් කට්ටලය ඇද සිටින අයුරු ඡායාරූප ගැනීමක් හා වීඩියෝ ගත කිරීමක් කර ඇත. නගරාධිපතිවරයගේ මෙම ගමනේ මුඛ්‍ය අභිමතාර්ථය වුනේද මේ ඡායාරූප ලබා ගැනීම බව හෙළි වී තිබේ.

මෙහිදී නගරාධිපති වරයා රෝගියා වෙසෙන නිවසට යෑමට පෙර ‍ආරක්ෂිත ඇදුම් කට්ටලය අදින අවස්ථාවේ සිට ගලවන අවස්ථාව දක්වා ත් පාවාහන් විෂබීජ හරණය කරන අවස්තාත් රෝගියාගේ නිවසේ සිටින පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරමින් නිවස තුළ ඔබ මොබ යමින් උපදේස දෙන අයුරුත් ඡායාරූප ගත කිරීමට නගර සභා සේවකයින් ට උපදෙස් දී ඇත. නමුත් ඒ කිසිදු නගර සභා සේවකයෙක් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකර නගරාධිපතිවරයා සමග රොගියා සිටි නිවස පුරාම ඔබ බොබ යමින් ඡායරූප ගැනීම කර ඇත.

නගරාධිපතිවරයා මේ ආකාරයෙන් නිරූපන ශිල්පියකු වී නගරසභා සේවකයින්ගේ හා නගර වැසියන්ගේ ජීවිත අනතුරේ හෙළමින් කළ වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳ මේ වනවිට නගරය පුරා විරෝධතාවක් මතු වෙමින් ඇත.
පසුගිය දින කිපය පුරාම දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරොනා රොගින් විශාල ප්‍රමාණයක් හමු වු අතර අප්‍රේල් 30 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා දඹුල්ල පොලිස් බල ප්‍රදේශය හුදලා කොට සංචරණ සීමද පනවා තිබිණි.

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ වසම් 13න් පමණක් මේ වන විට රොගින් 454ක් සොයා ගෙන ඇත. අප්‍රේල් 22න් පසු දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ නිල වාර්තා අනුව රොගින් 308 දෙනෙකු සොයාගෙන ඇති අතර මරණ තුනක් වාර්ථා වී ඇත.

කොරොනා පළමු රැල්ලේදී රටම වසා තිබුණු අවස්තාවේදී වගකීම් විරහිත ලෙස බයිසිකල් ධාවන තරගයක් පැවැත්වූවෙද මේ නගරාධිපතිවරයාය. ඒ වරදට මොහුට අධිකරණයෙන් දැඩිව අවවාද ද කර ඇත.
එවන් පසුබිමක නගරසභාවේ දේපොල හා සේවකයින් අවභාවිතා කරමින් නිරූපණ ශිලිපියකු වෙමින් තමන්ගේ පෞද්ගලික අභිමාතාර්ථයක් ඉටු කර ගැනීමට දඹුල්ල නගරයේ ජනතාව පමණක් නොව රටටම බෝග බෙදා හරින ආර්ථික මධ්‍යස්ථානයක් ඇති නගරයක් ලෙස රටේම ජනතාව අනතුරේ හෙලමින් කටයුතු කළ නගරාධිපතිවරයාට එරෙහිව බලධාරීන් ගන්නා පියවර කුමක් දැයි ජනතාව විමසිල්ලෙන් බලාසිටී.

නගරාධිපති නිවැසියන්ට උපදෙස් දෙයි

මේ වන විට නගරාධිපතිවරයා ලබා ගත් සියලු ඡායාරූප හා වීඩියෝ ඔහුගේ මූණු පොතේ උඩුගත කොට (uplord)ඇත.

මහින්ද උදයසිරි දඹුල්ල

ඡායරූප අනුග්‍රහය නගාරාධිපති ගේ මූණු පොත
https://www.facebook.com/photo?fbid=1607388789471576&set=pcb.1607390292804759

More from GossipMore posts in Gossip »