Press "Enter" to skip to content

අවුරුදු 85 ක් වයසැති වයෝවෘද්ධ මවට අතවර කළ මල්ලීට අයියා මන්නෙන් කොටයි

අවුරුදු 85 ක් වයසැති වයෝවෘද්ධ මවට අතවර කළ ඇයගේ බාල පුතුට වැඩිමහල් සොහොයුරා විසින් මන්නයකින් කොටා ඇතැයි යක්කල පොලිසිය ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉකුත් 18 වැනිදා කරුණු වාර්තා කරමින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අතවරයට පත් මවගේ වැඩිමහල් පුතා සැකකරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා නියම කළේය.

අතවරයට පත් මවගේ පුතුන් දෙදෙනාම අවිවාහකයන් බවත් තිදෙනාම ප‍්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිටින බව පොලිසිය පවසයි. මෙම මවගේ 51 හැවිරිදි බාල පුතා බීමත්ව නිවසට පැමිණ තම මව අඹුකමට ගන්නා බවත්, ඊට විරුද්ධ වූ මවගේ ලොකු පුතා මල්ලීට මන්නයකින් කොටා ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මව ශ‍්‍රවණාබාධිත තැනැත්තියක් බවත් බාල පුතු මව බියගන්වමින් අතවර කර ඇති බවත් මන්නා පහරින් තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලේ ප‍්‍රතිකාර ලබන හෙයින් අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැරයන් ගුණසිරි (40464* අධිකරණය හමුවේ පැවසීය.

More from GossipMore posts in Gossip »