Press "Enter" to skip to content

හෙද නිලධාරියා සුළු සෞඛ්‍ය සේවිකාවකට අතවර කරන්න හදලා

හම්බන්තොට කොවිඞ් ප‍්‍රතිකාර රෝහලේ සේවයේ නියුතු සුළු සෞඛ්‍ය සේවිකාවකට එම රෝහලේම සේවය කරන හෙද නිලධාරියකු විසින් ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් හම්බන්තොට මහ රෝහලේ හා හම්බන්තොට කොවිඞ් ප‍්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු සියලූම සෞඛ්‍ය කාර්ය සහායකයෝ ඊයේ (19 දා) සවස සිට සිය සේවා කටයුතුවලින් ඉවත්වූහ.

පසුගිය 16 වැනිදා දහවල් හම්බන්තොට කොවිඞ් ප‍්‍රතිකාර ඒකකයේ සේවය කරන සුළු සේවිකාවකට එම ඒකකයේම සේවය කරන 45 හැවිරිදි හෙද නිලධාරියකු විසින් ලිංගික අතවර කිරීමට උත්සාහ කර තිබෙන බවට චෝදනා එල්ල වී ඇත.

ඉකුත් 16 වැනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර මේ වන තුරුත් අදාළ හෙද නිලධාරියා එම රෝහලේ සේවය කිරීම හේතුවෙන් සියලූ සුළු සේවිකාවන් දැඩි අනාරක්ෂිත බවකට පත්ව ඇති බවත්, ඔහු වහාම මෙම රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු කරනතෙක් හදිසි ප‍්‍රතිකාර ඒකකවල හැර සියලූ සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවත් සෞඛ්‍ය කාර්ය සහායකයෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ සුරංග ඔබේසේකර මහතා පැවසූවේ හෙද නිලධාරියකු සුළු සේවිකාවකට ලිංගික අතවර කීරීමට තැත් කිරීමක් පිළිබඳව පැමිණිල්ලක් තමා වෙත ලැබී ඇති බවය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

More from GossipMore posts in Gossip »