Press "Enter" to skip to content

”සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙහෙසයි. ඇඳන් වැඩි කිරීමෙන් පමණක් ගැටලුව විසඳන්න බෑ” – GMOA

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලය මේ වන විට විඩාවට පත් වෙමින් සිටින අතර ඔවුන්ගේ ධාරිතාව ඉක්මවා යමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ, රෝහල් සහ ඇඳන් ධාරිතාව වැඩි කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් නොලැබෙන බවය.

සෞඛ්‍ය ධාරිතාව ඇඳන් පමණක් නොවන බව ද ඔහු පවසයි.

“අපිට කොවිඩ් සඳහා ඇඳන් ලක්ෂයක් තිබුණත් පුහුණු කාර්ය මණ්ඩලට ඒ සඳහා නැති නම් ඒවා සක්‍රීය ඇඳන් වෙන්නෙ නෑ. මේ වෙනකොට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලු ම සෞඛ්‍ය සේවක සේවිකාවන් දිවා රෑ වැඩ කරනවා, නින්දක් නැතුව වැඩ කරනවා, ඔවුන් ඉතාමත් විඩාවට පත් වෙලා වැඩ කරනවා.”

More from GossipMore posts in Gossip »