Press "Enter" to skip to content

(title)

මීගමුව රෝහලට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගෙන් 80%කට කොරෝනා

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ඊයේ (මැයි 14) ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 80%ක් ම පොසිටිව් වී ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය අවදානම් සහගත තත්ත්වය හමුවේ කඩා වැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම අවදානම මගහරවා ගැනීමට වහා සැලසුම් සකස් කළ යුතුව ඇති බව වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කයේ සිටින අවදානමක් නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇතැයි වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »