Press "Enter" to skip to content

23 හැවිරිදි තරුණියකට වැරදීමකින් එන්නත් මාත්‍රා 6ක් ලබා දීලා

මේ වෙනකොටත් කොරෝනා වෛරසය අපට තදබල ලෙසින් පහර දෙමින් සිටිනවා. එවන් වූ මොහොතක ලොව පුරා “එන්නත්කරණය” සිදු වන බවද රහසක් නොවෙයි.ඇමරිකා එක්සත් ජනපදය විසින් කොරෝනාවලට එරෙහිව නිමවූ “ෆයිසර්” එන්නත මේ එන්නත් නාමාවලියේ ඉහළම තැනෙක තියෙන නමක්.

කොහොම වුණත් පසුගිය දිනෙක මධ්‍යම ඉතාලියේ ටස්කනි කියන ප්‍රදේශයේ කාන්තාවකට වැරදීමකින් ෆයිසර් එන්නතේ මාත්‍රා හයක් ලබා දී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

23 හැවිරිදි මෙම කාන්තාවට මෙම එන්නතේ මාත්‍රා හයක් ලබා දුන්නද ඇය කිසිදු උපද්‍රවයකින් තොරව සිටින බවයි, රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව පැය 24කට වැඩි කාලයක් රෝහලේ රඳවාගෙන ඇති නමුත් කිසිදු හානියක් සිදු නොවී ඇති බව සඳහන්.

ඇය මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. වැඩිදුරටත් ඇය ගැන පරීක්ෂාවෙන් සිටින බවයි වෛද්‍යවරුන් කියන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරිනි.

More from GossipMore posts in Gossip »