අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.
මාතර දිස්ත්‍රික්කය
මාතර පොලිස් බලප්‍රදේශයේ,
උයන්වත්ත 417 G
උයන්වත්ත උතුර 417 D
මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට පොලිස් බලප්‍රදේශයේ,
උඩහපුවිද E367
මහනුවර දිස්ත්‍රික්කය
කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,
වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම
වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම
පුත්තලම දිස්ත්‍රික්ක
කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැද කිරිමැටියාන 466A
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,
නිකදළුපොත






