Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ සිදු විය හැකි කොරෝනා මරණ ගණන ගැන පුරෝකථනයක්

2021 සැප්තැම්බර් මස පළමු වන දා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇතැයි ඇමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් වන Institute for Health Metrics and Evaluation (IHME) අනුමාන කර තිබේ.

ගෝලීය කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරන එම ආයතනය පෙන්වා දෙන පරිදි, ජුනි මාසය මැද භාගය වන විට මෙරට වසංගත තත්ත්වය දරුණු අතට හැරීමට වැඩි ඉඩක් ඇති බවය.

ඒ වන විට මෙරට දෛනික කොවිඩ් මරණ ගණන ද 200ක් පමණ දක්වා ඉහළ යා හැකි බව එම සමීක්ෂණ ආයතනය අනුමාන කරයි.

එමෙන් ම, ඔවුන් අනුමාන කරන්නේ ජූනි 14 වන දා වන විට දෛනික මරණ 264ක් පමණ වාර්තා විය හැකි බවත් එය දෛනික මරණ වාර්තා වීමේ උපරිම සංඛ්‍යාව විය හැකි බවත් ය.

පසුව සැප්තැම්බර් මාසය වන විට එම තත්ත්වය ක්‍රමයෙන් අඩුව ගොස් දෛනික මරණ ගණන 88ක් දක්වා පහත වැටිය හැකි බව එම ආයතනය අනුමාන කරයි.

තව ද මැයි මාසය අග වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසදිතයින්ගේ වැඩි වීමක් සිදු විය හැකි බව ද IHME සිය දත්ත අනුව පෙන්වා දෙයි.

සම්පූර්ණ සටහන මෙතැනින්: COVID-19 Projections

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (මැයි 10) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආපදා කළමනාකරණ හා සූදානම් වීමේ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, අදාළ පුරෝකථන සැලකිල්ලට ගන්නා බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

“අපිට ඔය තොරතුරු පමණක් නොවෙයි වෙනත් ආයතන පවා ලබා දෙන පුරෝකථන අපි සැලකිල්ලට ගන්නවා. ඒ සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි කටයුතු සූදානම් කරන්නේ.”

“මේ වගේ ම පුරෝකථන පළවෙනි රැල්ල අවස්ථාවේදීත් හුඟක් විද්වත්තු ප්‍රකාශ කළා. අපි කරේ එවැනි පුරෝකථන ආව ම ඒක දැඩිව පිළිඅරගෙන ඒක වෙන්න නොදී වැළැක්වීමට කටයුතු කළා. මෙවරත් අපි කරන්නේ ඒකමයි. ඒ නිසා මේ වෙද්දී අපි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා,” පැවසීය.

More from GossipMore posts in Gossip »