Press "Enter" to skip to content

JUST IN: දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 2,500 ඉක්මවයි

මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,659ක් වේ.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය104,463ක් වේ.