13 හැවිරිදි පිරිමි ළමයෙකු සමඟ ලිංගිකව හැසිරුණු බවට චෝදනා ලැබූ ගුරුවරියෙකු විදෙස් මාධ්‍යය අනාවරණය කර තිබේ. මෙම පිරිමි දරුවා සමග කිහිපවරක්ම නොමනා ලෙස හැසිරී ඇති මෙම ගුරුවරිය විවාහක බවයි සඳහන් වන්නේ.
මෙම සම්බන්ධතාවය ඇතිවී තිබෙන්නේ පන්ති කාමරයේ වැඩ කටයුතු කිරීම සඳහා නිර්මාණය කළ ඇප් එකක් හරහා ය. දිනක් කම්මැලිකමට ආරම්භ කළ සංවාදයක් මෙලෙස ආදර සංවාදයක් බවට පත්වී පසුව එය සිය පුද්ගලික දේවල් හුවමාරු කරන තත්ත්වයට ද පත්වී ඇත.
13 හැවිරිදි පිරිමි දරුවාගේ හැසිරීමේ අමුත්තක් දුටු දෙමාපියන් විසින් ඔහුගේ ජංගම දුරකතනයට මොනිටරින්ග් ඇප් එකක් යොදා ඇති අතර එයින් පසූ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය ගැන සියලු කරුණු දෙමාපියන් විසින් අනාවරණය කරගෙනෙ තිබේ.
එදා එම පියා සිසුවාගේ දුරකතනය පරීක්ෂා නොකලානම් මෙය තව දුරටත් රහසක් වන්නට තිබුණි. ඔන්ලයින් ක්ලාස් නිසා අද සෑම දරුවෙකු අතම පාහේ ජංගම දුරකතනයක් ඇත. ඔබ නොදැනීම දරුවාව කාගෙ හෝ ගොදුරක් වීමට පෙර මෙවැනි මොනිටරින්ග් ඇප් එකක් ජංගම දුරකතනයට යොදා තිබීමෙන් ඔබගේ දරුවාගේ සුරක්ෂිතතාවය තහවුරු කරගැනීමට ඔබටත් හැකිවේ.







