Press "Enter" to skip to content

ඉන්දියාවෙන් අලුත්ම කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක්… 18 ගුණයක් ප‍්‍රබලයි: බලපෑම කෙළින්ම පෙනහලුවලට

භයානක නව කොරෝනා ද්විත්ව ප‍්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්ත වන බව හෙළි වි ඇත. මෙම නව ප‍්‍රභේදය පැවති ප‍්‍රභේදයට වඩා 18 ගුණයකින් ප‍්‍රබල බව සඳහන්ය. මෙවන් ද්විත්ව කොරෝනා ප‍්‍රභේදයක් ගැන හෙළි වූයේ මුල් වරටය.

මේ වනවිට නව කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වීම් ලක්‍ෂ 38ක් දක්වා වාර්තා වීම නිසා මුළු රටම හදෙකලා කරන ලෙස ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

කොරෝනා අසාදනය වීම නිසා හිටපු ප‍්‍රධාන ඇමැති අජිත් සිං සහ ජම්බු කාශ්මීරයේ තෙංගකාර් හර්යම් පක්‍ෂයේ නායක මොහොමඞ් අශ්රෆ් ද මියගොස් තිබේ.

මතු වී ඇති නව කොරෝනා ප‍්‍රභේදය මෙතෙක් හඳුනාගෙන නැති අතර එය සෘජුව පෙනහැලිවලට ගොස් මරණයට පත්වන බව ද හෙළි වී ඇත.

මේ අතර වහාම ක‍්‍රියාත්මක වන පරිදි බිහාර් ප‍්‍රාන්තය මැයි 15 දා තෙක් වසාදමා තිබේ.

ඉන්දියාව තුළ සියලූම උත්සව ද අත්හිටුවා ඇත. ගත වූ පැය 24 තුළ 3780 ක් ජීවිතක්‍ෂයට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය කියා සිටී.

මෙම තත්ත්වය මත මුළු ඉන්දියාවම හුදෙකලා කළහොත් සංක‍්‍රමණික කම්කරුවන් දසදහස් සංඛ්‍යාවක් බරපතළ දුෂ්කරතාවයකට මුහුණපාන බව වාර්තා වේ.

කොරෝනා ආසාදනය වූ අවස්ථාවේ සිට ඊයේ (06 දා* වනවිට 222,408 ක් මියගොස් ඇත.

More from GossipMore posts in Gossip »