Press "Enter" to skip to content

අසැබි වීඩියෝ පෙන්වා 15 හැවිරිදි දැරියට අතවර කළ පාසල් ගුරා අත්අඩංගුවට

අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර සිදු කරන ලද බව කියන පාසල් ගුරුවරයකු ලබන 11 දක්වා රිමාන්ඞ් බන්ධානාගර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ 50 හැවිරිදි ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයා ප‍්‍රදේශයේ උපකාරක පංතියක්ද පවත්වා ගෙන යනු ලබන අතර දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ පළමුවරට එම උපකාරක පංතියට ගිය විට කිසිවකු නොමැති අවස්ථාවේ ඇය ළඟට පැමිණ ජංගම දුරකතනයෙන් අසැබි දර්ශන පෙන්වා ඒවා බලන ලෙස පවසා ඇත. පසුව තවත් දවසක සැකකරු විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර ලබාදෙන පවසා නැවතත් අසැබි දර්ශන පෙන්වා ඇය හැඳ සිටි හැට්ටයේ බොත්තම් ගැළවීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය එයට විරෝධය පළකර ඇත. පසුව සැකකරු සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස තර්ජනය කර ඇත.

මේ අතර තවත් දිනක ඇයගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර කුඩා පිහියක් පෙන්වා සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසට තර්ජනය කිරීම හේතුවෙන් ඇතිවූ බිය නිසා ඇය කිසිවකුටත් පවසා නැත. මෙම බියවැද්දීම් දිගින් දිගටම ඉවසාගත නොහැකිවූ තැන ඇය මවට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිළි කර ඇත. ඒ අනුව අක්මීමන පොලිසියේ ස්ථානාධිපති පො.ප. මධුරංග මහතා ඇතුලූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

More from GossipMore posts in Gossip »