Press "Enter" to skip to content

උසස් පෙළ ප්‍රතිඵල අනිද්දා

උසස් පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා ( 5 වැනිදා) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ ( 02 වැනිදා ) පැවසීය.

මෙවර ද නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

අයැදුම්කරුවෝ තුන්ලක්ෂයක පමණ පිරිසක් විභාගයට පෙනී සිටි අතර විභාගයෙන් සුදුසුකම් ලබන්නන් ලබන සැප්තැම්බර් මාසය ඇතුළත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රතිඵල නිකුත් කර දින කිහිපයක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ප්‍රකාශ කරයි.

More from GossipMore posts in Gossip »