Press "Enter" to skip to content

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව නිවෙස් තුල

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව නිවෙස් තුල

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (30) වන දින සවස 4.00 පමණ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න ප්‍රකාශ කර සිටිනවා.

ඒ අතර අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 311දෙනෙකු සිටින බවයි වෛද්‍ය නලීන් ආරියරත්න පැවසුවේ.

අද දින දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් කොරෝනා ආසාදිතයන් 215 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් තුළින් කොරෝනා ආසාදිතයන් 96 දෙනෙකු ද සොයාගෙන තිබුණා.

එමෙන්ම අද දින කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 2,461 ක් ද සිදු කර තිබූ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මිට අමතරව අද දින කොරෝනා රෝගී තත්වය සදහා ප්‍රතිකාර ගැනීමට දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නව රෝගීන් 280 දෙනෙකු ඇතුළත් වී තිබු බව ද වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කළේ.