මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකවල ඇඳන් 102ක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය I) විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නල්ඩ් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
කොවිඩ් රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක 15ක් තිබෙන බවත් ඒවායේ ඇඳන් 146ක් තිබෙන බවත් ඔහු පැවසීය.
තව ද වෛද්‍යවරයා පැවසුවේ, ඊයේ (අප්‍රේල් 28) රාත්‍රී 10.00 වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44ක් වන අතර තවත් ඇඳන් 102ක් ඉතිරිව ඇති බව ය.






