සීමිත සම්පත් සමග මෙරට කොරෝනා පාලනය කර ඇති ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කොරෝනාවෛරසයේ යුරෝපීය ප්‍රභේදය ලොව පුරා පැතිරෙන බව දැන ගත් පළමු වන දිනයේ සිට එය මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර ගත් බව ද වෛද්‍යවරයා පැවසීය.
ඔහු අවධාරණය කළේ, රටක් ලෙස රටේ ආර්ථිකය සහ අධ්‍යාපනය වැනි කටයුතු ද පවත්වාගෙන යමින් යම්කිසි තුලනාත්මක ආකාරයකට රෝගය පාලනය කළ යුතු බව ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙසේ පැවසීය.
“අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඒ පාලනය කිරීමේදී අපේ තියන සීමිත සම්පත් එක්ක අපි මේ පාලනය කරලා තියන ප්‍රමාණය ඉතාමත් ම සැහීමකට පත් වෙන්න පුළුවන්, ඉතාමත් ම සාර්ථක දෙයක්.
ඕනෑ ම කෙනෙකුට පුළුවන් මේක දිහා බලන්න විවිධ කෝණවලින්. තවත් කෙනෙකුට එක කෝණෙකින් බලල අපි හොඳට ම ෆේල් අපි අන්තිමයි, අපි කුජීත වෙලයි කියල කියන්න පුළුවන්. ඒක එයාගේ තියන, එයා බලන කෝණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ.
තවත් කෙනෙකුට සංසන්දනාත්මකව බලල කියන්න පුළුවන් අපි කොහෙ ද ඉන්නේ කියලා. ලෝකය විසිට් කරන indicatorsවලත් ලෝකයේ තියන හොඳ ම රටවල් 10 අතරට අපි තේරුණේ අපේ රටේ මේ පාලනය කෙරෙන ක්‍රමවේදය සාර්ථක එකක් හින්දා.
නමුත් මේ pandemic එකක් වෙලාවේ මේක ඕනෑ ම වෙලාවක ඕනෑ ම අවස්ථාවකදි මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි හේතුව.
අවුරුද්දක් ගිහිල්ලත් මේ ලෝකේ කොවිඩ්-19 මේ ප්‍රමාණයට තියෙන්නේ, මේ ප්‍රමාණයට වාර්තා වෙන්නේ, වැඩි වැඩියෙන් වාර්තා වෙන්නේ ඒ හින්දා.
ඉතින් කෙනෙක් ඒක උඩ ඉඳගෙන උඩ පැන්නට, තප්පුලෑවට වැඩක් නැහැ මේක තමයි යථාර්තය.”






