Press "Enter" to skip to content

බණ්ඩාරගමින් කොවිඩ් ආසාදිතයින් 169ක්

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් අද(29) දිනය වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 169 දෙනෙකු වාර්තා වී ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය සඳහන් කරයි.

ඉකුත් 19 වැනිදා සිට දින 10 ක් තුළ දී පී.සී.ආර් පරීක්ෂණ 362කින් මෙම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත.

වැඩිම රෝගීන් පිරිසක් බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසමෙන් වාර්තා වී ඇති අතර රෝගීන් සංඛ්‍යාව 16දෙනෙකු එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

බණ්ඩාරගම රාජ්‍ය බැංකුවකින් සහ ඖෂධ අලෙවිසැලකින් කොවිඩ් වෛරසය ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් හඳුනා ගැනීමත් සාඟ එම ආයතන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම ආයතනවල සේවක සේවිකාවන් පී.සී.ආර් පරීක්ෂාවන්ට යොමු කර ඇති අතර අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සෞඛ්‍ය උපදෙස් නිසිආකාරව පිළිපදින ලෙස වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »