ඉන්දියාවෙන් හමුවී ඇති ද්විත්ව කොවිඩ් වෛරස් ප්‍රභේදයට ඉන්දියාවේම නිෂ්පාදිත කොවැක්සින් එන්නතින් ආරක්ෂාව සපයන බව පර්යේෂණයකින් හෙළිවී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවෙන් හමු වී ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වනු ලබයි.
කොවැක්සින් එන්නත ලබාගත් පුද්ගලයින් ට එම වෛරස ප්‍රභේදය ආසාදනය වී නොමැති බව ද පර්යේෂකයෝ පවසයි.
දැනට ඉන්දියාව මුහුණදී ඇති බැරෑරුම් තත්ත්වයෙන් මිදීමට එම එන්නත උපකාරී වෙතැයි පර්යේෂකයෝ අනුමාන කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.






