” පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවයකයන් කොටස් වශයෙන් රාජකාරි සඳහා කැඳවීමට තීරණයක් “
රාජ්‍ය අංශයේ සේවයකයන් කොටස් වශයෙන් රාජකාරි සඳහා කැඳවීමට තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඊට අදාළ චක්‍රලේඛය හෙට (අප්‍රේල් 27) නිකුත් කරන බව ය.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය කාලයේ රාජකාරි කළා මෙන් ආයතනයක සේවක සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ය.






