Press "Enter" to skip to content

පිළියන්දළින් කොවිඩ් ආසාදිතයන් 108ක්

එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද ඒ අතර

අලුත් අවුරුදු සමයෙන් පසුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් එකසිය අට දෙනෙකු අද (25දා) වනවිට වාර්තා වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

මෙම රෝගීන් ඇරැව්වල , බෝකුන්දර , ගොරකපිටිය ,රත්මල්දෙනිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් කිහිපයකින් වාර්තා වී ඇත .

ඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව පැවසේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දෙනෙකු ඉකුත් 18 දා වාර්තා වී තිබු අතර ඔවුන්ගේ ආශ්‍රිතයෙන් එකසිය නම දෙනෙකු ඉලක්ක කරගනිමින් (22) දා සිදුකල පී.සී.ආර් පරීක්ෂණයෙ ප්‍රතිඵලයට අනුව 23දා ලැබී තිබූ වාර්තාවේ ආසාදිතයින් අසූ හත් දෙනා වාර්තා වී තිබුණි .

ඉන් පසුව මෙම ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් දෙසීයකට ආසන්න පිරිසක් මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් ඉලක්ක කරගනිමින් සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව 25 දා වනවිට ආසාදිතයින් 108 දෙනකු වාර්තා වී ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 612 දෙනෙකු 25 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් එය කොලඹ දිස්ත්‍රික්කයෙ සිදුකළ විශාලතම පී.සී.ආර් පරික්ෂණ ය බවත් පැවසේ.

ඉකුත් 18 දා සිට මේ දක්වා රෝගීන් 108 දෙනෙකු පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

More from GossipMore posts in Gossip »